Bridge of Hearts යනු ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල සිටිනා දරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ස්වේච්ඡාවෙන් මෙහෙයවනු ලබන ව්‍යාපෘතියකි. අපගේ අරමුණ දිවයින පුරා ඇති ළමා නිවාස සමඟ දායකයින් සම්බන්ධ කරමින්, ආධාර සහ සම්පත් නිසි ලෙස බෙදී යාමට අවස්ථාව සලසා දීමයි.
ළමා නිවාස පිළිබඳ විනිවිද සහ සවිස්තරාත්මක නාමාවලියක් සැපයීමෙන්, දැනුවත් තීරණ ගැනීමටත්, බොහෝ විට නොසලකා හැරෙන මධ්‍යස්ථානවලට සහය වීමටත් දායකයින් බලගැන්වීමට අපි උත්සාහ කරමු.
ලොකු කුඩා කිසිදු නිවාසයක් අතපසු නොවන පරිදි, දිවයින පුරා ඇති මධ්‍යස්ථාන 370+ ම පිළිබඳ තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
වඩා ප්‍රසිද්ධ මධ්‍යස්ථාන සහ කුඩා හා දුෂ්කර මධ්‍යස්ථාන අතර බොහෝ විට ආධාර බෙදී යාමේ විෂමතාවයක් පවතී. මෙම වෙබ් අඩවිය හරහා ඒ ඕනෑම මධ්‍යස්ථානයක සිටිනා ළමුන්ට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සම අවස්ථාවක් ලබා දීම අපගේ අරමුණයි. බස්නාහිර සහ මධ්‍යම පළාත් වලින් අරඹා අපි පළාත් සියල්ලේම මධ්‍යස්ථාන වල දත්ත ඇතුළත් කිරීමට වෙහෙස වෙමින් සිටිමු.
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන (ළමා නිවාස) පිළිබඳ තොරතුරු අපගේ නාමාවලියේ පිරික්සන්න.